අපි වෙන් වෙන තරමට (Api Wen Wena Tharamata)
අපි වෙන් වෙන තරමට
කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ...
අපි වෙන් වෙන තැනටම
කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ...
අපි එක්වුනු මතකය
සිහියට එන විට
කඳුලුයි දෑස තෙමන්නේ...
මම ඔබ ගැන හිත හිත
දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ...
හිතන්න බෑ හිත කීරී ගැහෙනවා
ඔය සුදු මුහුන මතක් වී...
සිඹින්න බෑ මුව අහක බලනවා
මගෙ මුව එක්ක තරහ වී...
කියන්න බෑ අපෙ ආදර කතාව
කඳුලුත් එක්ක සිනා සී...
සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක්
ආදරෙ කරන්න පෙර සේ...
අපි වෙන් වෙන තරමට
කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ...
අපි වෙන් වෙන තැනටම
කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ...
සුන්දර සිනාව හුරතල් හිනාව
දකින්න ආසයි අඳුරේ...
දැවටුනු හැටි ආදරෙයි කියා මට
දැනෙනවා කිති කැවි යහනේ...
තොල් පෙති සිඹින්න ආසයි ඇත්තට
තුරුලට ගෙන ඔබ පෙර සේ....
ආදරේ කියන්න තව එක සැරයක්
වෙන් වී යන්නට මත්තෙන්...
අපි වෙන් වෙන තරමට
කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ...
අපි වෙන් වෙන තැනටම
කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ...
අපි එක්වුනු මතකය
සිහියට එන විට
කඳුලුයි දෑස තෙමන්නේ...
මම ඔබ ගැන හිත හිත
දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ...
මම ඔබ ගැන හිත හිත
දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ...
මම ඔබ ගැන හිත හිත
දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ....
Album : The Superstars of Tomorrow (May 2006)
Artist : Chamika Sirimanna
Lyrics : Sydney Chandrasekara
Music : Rohana Weerasinghe
Record Label : Torana Music Box
Some words don’t fade…
they echo forever. 💔
#EchoLyricsHub
#Lyrics
#SadLyrics
#LoveLyrics
#DeepFeel


0 comments: