සිතුවිලි යායේ මල් පිපී (Sithuiwili Yaye Mal Pipi)

 සිතුවිලි යායේ මල් පිපී (Sithuiwili Yaye Mal Pipi)

සිතුවිලි යායේ මල් පිපී

නුබගේ නාමෙන් මේ හිතේ

නිසන්සලයි සිත මේ රැයේ

සිහිවී නුබ මට පෑ සෙනේ......//


සිත් අහසට නුබ ආ දිනේ

මගේ දිවියම එලියවේ

දෙන්න නුබේ ඔය ආදරේ

ඉන්න පනසේ ජීවිතේ


සිතුවිලි යායේ මල් පිපී

නුබගේ නාමෙන් මේ හිතේ

නිසන්සලයි සිත මේ රැයේ

සිහිවී නුබ මට පෑ සෙනේ.....//


කලක් පුරා පෙම් සිතක් තනා

හිතින් හිතකට යාවෙලා

තුරුල් වෙන්න මා ඇලුම්කලා

ඉන්න මට තව ලංවෙලා


සිතුවිලි යායේ මල් පිපී

නුබගේ නාමෙන් මේ හිතේ

නිසන්සලයි සිත මේ රැයේ

සිහිවී නුබ මට පෑ සෙනේ.....//


Artist: LOVE BIRD

Vocals: Generated using Suno AI

Lyrics Written By: LOVE BIRD

Music Arrangement: Suno AI


Some words don’t fade…

they echo forever. 💔

#EchoLyricsHub

#Lyrics

#SadLyrics

#LoveLyrics

#DeepFeel




මට ආයේ ඕනා (Mata Aye Ona)

මට ආයේ ඕනා (Mata Aye Ona) 
මුදා ඊයේ වූ සෑමදේ
හදා ආයේ මේ ආදරේ
එදා වාගේ මාගේ අතේ
වෙලී එනවාදෝ

ඉඩෝකාලේ හීනේක සේ
ගෙවී යාවී ස්නේහේ දියේ
සිනා වාරේ ආයේම ඒ
වෙලී එනවාදෝ

මේ තුන්‍ යාමේ හෘදේ මා සසලෝනා
මා සන්තානේ දෑතේ ගෑවීලා
මේ සංකාවේ ලෝකේ මා අවුලෝනා
මා දැවුනාවේ ප්‍රේමේ නෑවීලා

මට ආයෙ ඕනා
නුඹ ගාව ඉන්නෝනා
කාලේ තැවුල් ප්‍රේමේ නමින්
ආයේ නොවේ කියා

මට ආයෙ නුඹ ඕනා
නුඹ ගාව ඉන්නෝනා
සැතපී ළඟින් සුසුමේ දුරින්
දෑසේ පියන් පියා

සේදිලා යාවී වෙරළේ ලියූ සාත්‍රා
ඒ වගේ සේදී මැකී යනවා දුකේ මාත්‍රා
වේලිලා යාවී කඳුළින් පිරූ නේත්‍රා
ආයෙ පාවේවී හිතේ දියඹේ සිනා යාත්‍රා

මගෙ හදවතේවේදනා මකා
නුඹගෙ ළමැදේ මා නිදනවා ආලෙන් නිවාරලා

Voice - Raveen Tharuka
Music - Yasas Medagedara
Lyrics - Yashodha Adhikari

Some words don’t fade…
they echo forever. 💔
#EchoLyricsHub
#Lyrics
#SadLyrics
#LoveLyrics
#DeepFeel





 

අපි වෙන් වෙන තරමට (Api Wen Wena Tharamata)

 අපි වෙන් වෙන තරමට (Api Wen Wena Tharamata)

අපි වෙන් වෙන තරමට

කියනා දේවල්

කොහොමද උහුලා ගන්නේ...

අපි වෙන් වෙන තැනටම

කටයුතු වෙනකොට

කොහොමද බල බල ඉන්නේ...

අපි එක්වුනු මතකය

සිහියට එන විට

කඳුලුයි දෑස තෙමන්නේ...

මම ඔබ ගැන හිත හිත

දුක් වෙන හැම විට

මනසයි වන්දි ගෙවන්නේ...

හිතන්න බෑ හිත කීරී ගැහෙනවා

ඔය සුදු මුහුන මතක් වී...

සිඹින්න බෑ මුව අහක බලනවා

මගෙ මුව එක්ක තරහ වී...

කියන්න බෑ අපෙ ආදර කතාව

කඳුලුත් එක්ක සිනා සී...

සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක්

ආදරෙ කරන්න පෙර සේ...

අපි වෙන් වෙන තරමට

කියනා දේවල්

කොහොමද උහුලා ගන්නේ...

අපි වෙන් වෙන තැනටම

කටයුතු වෙනකොට

කොහොමද බල බල ඉන්නේ...

සුන්දර සිනාව හුරතල් හිනාව

දකින්න ආසයි අඳුරේ...

දැවටුනු හැටි ආදරෙයි කියා මට

දැනෙනවා කිති කැවි යහනේ...

තොල් පෙති සිඹින්න ආසයි ඇත්තට

තුරුලට ගෙන ඔබ පෙර සේ....

ආදරේ කියන්න තව එක සැරයක්

වෙන් වී යන්නට මත්තෙන්...

අපි වෙන් වෙන තරමට

කියනා දේවල්

කොහොමද උහුලා ගන්නේ...

අපි වෙන් වෙන තැනටම

කටයුතු වෙනකොට

කොහොමද බල බල ඉන්නේ...

අපි එක්වුනු මතකය

සිහියට එන විට

කඳුලුයි දෑස තෙමන්නේ...

මම ඔබ ගැන හිත හිත

දුක් වෙන හැම විට

මනසයි වන්දි ගෙවන්නේ...

මම ඔබ ගැන හිත හිත

දුක් වෙන හැම විට

මනසයි වන්දි ගෙවන්නේ...

මම ඔබ ගැන හිත හිත

දුක් වෙන හැම විට

මනසයි වන්දි ගෙවන්නේ....


Album : The Superstars of Tomorrow (May 2006) 

Artist   : Chamika Sirimanna 

Lyrics  : Sydney Chandrasekara 

Music  : Rohana Weerasinghe 

Record Label : Torana Music Box


Some words don’t fade…

they echo forever. 💔

#EchoLyricsHub

#Lyrics

#SadLyrics

#LoveLyrics

#DeepFeel






පෙම්‌ කවක්‌ ලියූ නුඹ (Pem kawak liyu Nuba)

 පෙම්‌ කවක්‌ ලියූ නුඹ (Pem kawak liyu Nuba)

පෙම්‌ කවක්‌ ලියූ නුඹ.. සිත්‌ අහසේ

එය මකා දමා.. ගිය හැටි රහසේ

නුඹ මෙතෙක්‌ රැඳී උන්‌.. මා මනසේ

පෙම්‌ පුරාවතක්‌.. නිමා කරන්නද.. මා කෙලෙසේ..

පෙම්‌ කවක්‌ ලියූ නුඹ.. සිත්‌ අහසේ

එය මකා දමා.. ගිය හැටි රහසේ

නුඹ මෙතෙක්‌ රැඳී උන්‌.. මා මනසේ

පෙම්‌ පුරාවතක්‌.. නිමා කරන්නද.. මා කෙලෙසේ..

නුඹ යන්නම.. යන්නම යනවා නම්‌

මට ඉන්න කියන්නට.. බැහැනෙ ඉතින්‌..

නුඹ යන්නම.. යන්නම යනවා නම්‌

මට ඉන්න කියන්නට.. බැහැනෙ ඉතින්‌

යළි එන්නම.. එන්නම හිතුනේ නම්‌

නුඹ එන්න එපා මගෙ.. හිත තහනම්‌

හුරතලෙන්‌ දැවටිලා.. මගේ ළඟින්‌

දුන්‌ සතුට එපමණද.. මට පවසන්‌..

හුරතලෙන්‌ දැවටිලා.. මගේ ළඟින්‌

දුන්‌ සතුට එපමණද.. මට පවසන්‌..

සඳ එළිය පොළොවටයි හිමිවුයේ

සඳ අහසේ රැඳුණාට.. රත්තරනේ. .

පෙම්‌ කවක්‌ ලියූ නුඹ.. සිත්‌ අහසේ

එය මකා දමා.. ගිය හැටි රහසේ

නුඹ මෙතෙක්‌ රැඳී උන්‌.. මා මනසේ

පෙම්‌ පුරාවතක්‌.. නිමා කරන්නද.. මා කෙලෙසේ...


Artist   : karunarathna divulgane

Lyrics - Suramya Mapitiya

Music - Nandasena Katuwawala

Some words don’t fade…

they echo forever. 💔

#EchoLyricsHub

#Lyrics

#SadLyrics

#LoveLyrics

#DeepFeel




හිමි නැති ආදරේක (Himi Nathi Adareka)

හිමි නැති ආදරේක (Himi Nathi Adareka)

මංමාවත් පාලුවේ ගිලිලා

නුඹ මා නැවතූ

තනිකම රිදවාන යළි දැනුනා

සිහිනෙක වුව ආයේ ළඟ මැවිලා

නොම ඒවි සැනසූ

නිල් නෙතු නොගැටේවි යළි කිසිදා

නොදකින වාරේ පාසා 

නෙතු මානෙන් නුඹ දුර නිසා

මතකෙම පීරා බැලුවා 

නුඹ එහි නෑ සිතුවම් වෙලා

මොහොතක් නැවතී රැඳුනා

හද පත්ලේ කිමිදී මෙමා

කඳුලැලි නොදොඩා වැටුනා

නුඹ හද මානෙත් නෑ මෙදා

හිමි නැති ආදරේක හීලෑ නැතුව මා

නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා

මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා

නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා

හදක බැඳුනාම ආලේ

යන්න හැකිවේද ආයේ

නොදැනුණා සේ හදින් මකා දමා

මතක පුරවාපු කාලේ

එන්නේ නැතිවේද මාගේ

කඳලු පිසලන්න නුඹෙ සුසුම් හොවා

වියැකිලා හීන කඳුලේම ගිලිලා

මියැදිලා ආදරේ මගෙ හිතින් මා

නොදකින වාරේ පාසා 

නෙතු මානෙන් නුඹ දුර නිසා

මතකෙම පීරා බැලුවා 

නුඹ එහි නෑ සිතුවම් වෙලා

මොහොතක් නැවතී රැඳුනා

හද පත්ලේ කිමිදී මෙමා

කඳුලැලි නොදොඩා වැටුනා

නුඹ හද මානෙත් නෑ මෙදා

හිමි නැති ආදරේක හීලෑ නැතුව මා

නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා

මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා

නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා


Artist   - Raveen Tharuka

Lyrics - Umera pathirana

Music - Raveen Tharuka

Some words don’t fade…

they echo forever. 💔

#EchoLyricsHub

#Lyrics

#SadLyrics

#LoveLyrics

#DeepFeel 







Pem rasa wahena [පෙම් රස වෑහෙන]

Pem rasa wahena [පෙම් රස වෑහෙන]
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මදුරස වෑහෙනා....
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්..
ආදර නැකත ලගාවේ
නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග ගී සැලේ..
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්..
මී වද සුවද සදා දේ...
පෙම් කතරේදි දෑස නිවාලන අවාරයේ ආ
පිනි වරුසා වේවා...
පෙම් කතරේදි දෑස නිවාලන අවාරයේ ආ
පිනි වරුසා වේවා...
ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පාවේවා
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මදුරස වෑහෙනා....
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්..
ආදර නැකත ලගාවේ
නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග ගී සැලේ
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්..
මී වද සුවද සදා දේ
සසර සදැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා සදාතනික වේවා...
සසර සදැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා සදාතනික වේවා...
සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මදුරස වෑහෙනා....
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්..
ආදර නැකත ලගාවේ
නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග ගී සැලේ..
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්..
මී වද සුවද සදා දේ
ආදර නැකත ලගාවේ
මී වද සුවද සදා දේ
Singer - Indrani Perera, Victor Rathnayake,
Composer - Sarath Dasanayake
Lyricist - Somapala Leelananda
Some words don’t fade…
they echo forever. 💔
#EchoLyricsHub
#Lyrics
#SadLyrics
#LoveLyrics
#DeepFeel



Your left Slidebar content. -->